Pages

Monday, November 7, 2016

මුහම්මද් ﷺ තුමා හා ආයිෂා (රලි) තුමිය අතර සිදු වූ විවාහය

මුහම්මද් ﷺ තුමා හා ආයිෂා (රලි) තුමිය අතර සිදු වූ විවාහය

කදීජා තුමියගේ අභාවයෙන් අවුරුදු දෙකකට පසු අවුරුදු 50 ක් වයසැති වැන්දඹු ව සිටි සවුදා තුමියව මුහම්මද් තුමා විවාහ කර ගත් අතර ඉස්ලාමය වෙනුවෙන් නොයෙකුත් ෂ්කරතාවන්ට මුහුණ දී සිටි සවුදා තුමියට මෙය විශාල අස්වැසිල්ලක් වුවාට සැකයක් නොමැත. කදීජා තුමියගෙන් ලද දරුවන් රැක බලා ගැනීමට එතුමියගෙන් ලද සහාය මුහම්මද් තුමාණන්ට ද අති විශාල සහනයක් විය. මීළඟට මුහම්මද් තුමාණන් විවාහ කර ගන්නේ ආයිෂා තුමියවයි. මේ විවාහය පිළිබඳව දැන් අපි කරුණු සාකච්ඡා කරමු.
ආයිෂා තුමිය යනු මුහම්මද් තුමාගේ හොඳම මිතුරා වන අබූ බක්කර් තුමාගේ දියණියයි. මැය මුහම්මද් තුමා සමඟ විවාහ ගිවිස ගැනීමට පෙර  ජුබෛර් නම් යුද්දෙව්වෙකු සමඟ විවාහ ගිවිස ගෙන සිටියා[1].
මෙය සිදු වූයේ ආයිෂා තුමිය වැඩිවියට පත් වීමට ප්‍රතමවයි. මෙවන් සම්ප්‍රදායක් එකළ තිබුණා. එනම් වැඩිවියට පත් වීමට ප්‍රථමව විවාහ ගිවිසුම ඇති කරගන්නා අතර පවුල් ජීවිතය ආරම්භ කරනුයේ කාන්තාව වැඩිවියට පත් වූ පසුවයි. කාන්තාව වැඩි වියට පත් වූ පසු පෙර සිදු කළ විවාහ ගිවිසුම අහෝසි කරන්න හෝ ඒ අනුව තම ඉදිරි ජීවිතය ගත කරන්න ඇයට අයිතිය තිබෙනවා.
කෙසේනමුත් ආයිෂා තුමිය හා ජුබෛර් අතර තිබූ විවාහ ගිවිසුම අහෝසි වුණ අතර මුහම්මද් තුමා ආයිෂා තුමිය සමඟ විවාහ ගිවිසුම ඇති කර ගත්තේ මෙම සිදු වීමෙන් පසුවයි. මෙම විවාහය සිදු වන බව මුහම්මද් තුමාට සිහිනයක් මගින් අල්ලාහ් අනාවරණය කර දුන්නා. මේ බව ආයිෂා තුමියම මෙසේ පවසනවා:
අල්ලාහ්ගේ දූතයාණන් (මට) මෙසේ පැවසුවේය: “ඔබව මාගේ සිහිනයක පෙන්වනු ලදී. සුරදූතයෙක් ඔබව මා ලඟට සළු රෙද්දකින් ආවරණය කර ගෙනැවිත්, ‘මැය ඔබගේ භාර්යාවයි’ යැයි පැවසුවේය. ඔබගේ මුහුණ ආවරණය වූ රෙදි කැබැල්ල මා ඉවත් කළ විට එහි සිටියේ ඔබය. පසුව මා ‘මෙය(මෙම පණිවුඩය) පැමිණියේ අල්ලාහ්ගෙන් නම් නිසැකවම මෙය සිදු වනු ඇත’ යැයි මටම පවසා ගත්තෙමි. [2]
මේ නිසා ආයිෂා තුමියව විවාහ කර දෙන ලෙස මුහම්මද් තුමා ඔහුගේ මිතුරා වන අබූ බක්කර් තුමාගෙන් ඉල්ලා සිටියා. මේ බව උස්රා මෙසේ පවසනවා: “මුහම්මද් තුමා ආයිෂා තුමියව විවාහ කර දෙන ලෙස අබූ බක්කර් තුමාගෙන් විමසුවා. අබූ බක්කර් තුමා “මම ඔබගේ සහෝදරයෙක් නේද?” යැයි විමසුවා. මෙයට නබිවරයා(මුහම්මද් තුමා) ‘ඔබ දෙවියන්ගේ දහමේ හා ඔහුගේ පුස්තකයේ මාගේ සහෝදරයා වේ. නමුත් ඇය (ආයිෂා) මාහට විවාහ කිරීමට අනුමැතිය තිබෙන තැනැත්තියකි. [3]
වෙන කෙනෙකු තම දුවව රැක බලා ගන්නවාට වඩා ආදරින් දේව පණිවුඩකරුවා වන මුහම්මද් තුමා රැක බලා ගනීවි යන විශ්වාසය අබූ බක්කර් තුමා තුළ ඇති වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම ගති ගුණ අතින් ඉහළම ස්ථානයක සිටින මුහම්මද් තුමාට තම දුවව සරණ පාවා දීම් ඉතාමත් වාසනාවන්ත දෙයක්. මෙම විවාහය තුළින් අබූ බක්කර් තුමා හා මුහම්මද් තුමා අතර ඇති බැඳීම තවදුරටත් වර්ධනය වීම නිසැකව සිදු වන දෙයක්. එනිසා මෙම යෝජනාවට අබූ බක්කර් තුමා ඉහලින්ම කැමති වුණා. ආයිෂා තුමියගේ දෙමාපියන්ගේ පූර්ණ කැමැත්තට අනුව ආශිෂා තුමියට වයස 6ක්ව තිබියදී ඇය හා මුහම්මද් තුමා අතර විවාහ ගිවිසුම සිදු වුණා. නමුත් දෙදෙනා පවුල් ජීවිතය ආරම්භ කළේ ආයිෂා තුමිය වැඩි වියට පත් කාන්තාවක් වූ පසුවයි. ආයිෂා තුමිය වැඩිවියට පත් කාන්තාවක් වන තුරු අවුරුදු තුනක් සිටි අතර එතෙක් ඇය සමඟ මුහම්මද් තුමා පවුල් ජීවිතය ආරම්භ කළේ නැහැ.
මේ පිළිබඳව ආයිෂා තුමිය මෙසේ පවසනවා: “මට වයස 6 දී නබි තුමාණන් මා විවාහ කර ගැනීමට ගිවිස ගත් අතර මට වයස 9 දී මෙම විවාහය සිදු කරන ලදී” [4] ගැහැණු ළමයකුගේ වයස අවුරුදු 9ක් නම් ඇය කාන්තාවක් (එනම් වැඩිවියට පත් වූ කෙනෙක්) [5]. ආයිෂා තුමිය ඇතුළු පවුල මදීනා නගරයට ගොස් බනි-අල්-හාරිත් බින් කස්රජ් ගේ ගෙදර නවුතුනු අතර මුහම්මද් තුමාට ඇය භාර කරනු ලැබුවේ මෙහිදීය.[6]
පවුල් ජීවිතය ආරම්භ කරන විට ආයිෂා තුමියගේ වයස අවුරුදු 9 වුණත් විවාහය සඳහා ශාරීරිකව හා මානසිකව සුදුසුකම් තිබු වැඩි වියට පත් වූ කාන්තාවක් ලෙස සිටියා. සාමාන්‍යයෙන් අරාබි ගැහැනු දරුවන් වයස 9 හෝ 10  වන විට වැඩිවියට පත් වීම ස්වභාවික වන අතර එම වයස වන විට ඔවුන් හොඳින් වැඩුණු කාන්තාවකගේ පෙනුමකින් යුක්ත වෙනවා. මේ බව ආයිෂා තුමිය තමාගේම වචනවලින් (ඉහත සඳහන් පරිදි) පවසා තිබෙන අතර පැරණි විද්වතුන්ද මේ බව තහවුරු කරනවා. උදාහරණයකට ඉමාම් අෂ් ෂාෆිගේ ප්‍රකාශය සලකන්න පුළුවන්. “ගැහැණු ළමුන් බොහෝ දෙනෙක් වයස 9දි වැඩි වියට පත් වන බව යෙමෙන් රටේදී මා දුටුවෙමි” [7]
නූතන ඉතිහාසඥයන්ද මේ බව පිලිගන්නවා. කිතුනු කන්‍යා සොයුරියක් ව සිටි ප්‍රසිද්ධ ඉතිහාසඥ වරියක් වූ කැරන් ආම්ස්ට්‍රෝන්ග් මෙනවියගේ Muhammad: A Biography of the Prophet පොතේ මෙසේ සඳහන් වෙනවා:
“ඇය ඉතා යොවුන් නිසා ඇය ඇයගේ දෙමාපියන්ගේ නිවසේ සිටි අතර පසුව ඇය වැඩි වියට පත් වූ විට විවාහය සම්පූර්ණ වූ බව තබරි(නම් ඉතිහාසඥයා) පවසන්නේය”[8]
ඒ වගේම ආයිෂා තුමිය සම්බන්ධ ඇතැම් පුවත් ගැන අවධානයෙන් බැලීමේදී ආයිෂා තුමිය අප සිතනවාට වඩා වර්ධනය වූ කාන්තාවක් බව අපට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.
  1. මුහම්මද් තුමා යනු රණ ශූරයෙක් නමුත් දීවීමේ තරඟයෙන් ඔහුව පරද්දවන්න තරම් ශක්තියක් ආයිෂා තුමියට තිබුණා.[9]
  2. මුහම්මද් තුමා යනු සාමාන්‍ය උසට වඩා මදක් උසකින් යුත් පුද්ගලයෙක්. ආයිෂා තුමියගේ උසත් මුහම්මද් තුමාගේ උසට තරමක් සමානයි.[10]
  3. ඉස්ලාමයට විරුද්ධව යුද්ධ වලටද ආයිෂා තුමිය සහබාගි වූ අතර ඇයගේ කාර්යභාරය වූයේ යුද්ධයේදී තුවාල වූ මුස්ලිම් විරුවන්ට උපකාර කිරීමයි. “උහද්” නම් යුද්ධය ඇති වූයේ හිජ්රි වර්ෂ 3දීයි. එවිට ආයිෂා තුමියගේ වයස අසන්න වශයෙන් 12කි. නමුත් යුද්ධයකදී රණවිරුවන්ට උපකාර කරන තරම් ශාරීරික හා මානසික ශක්තියක් ඇයට තිබුණා. [11]
ආයිෂා තුමිය හා මුහම්මද් තුමා අතර තිබු සතුටු පවුල් ජීවිතය
බිරින්දෑවරුන් අතුරින් මුහම්මද් තුමාගේ ප්‍රියාදර බිරිඳ වූයේ ආයිෂා තුමියයි. අදර ජෝඩු ගැන කතා කිරීමේදී මුස්ලිම් නොවන්නන්ගේ සිහියට එන්නේ රෝමියෝ හා ජුලියට්ගේ ආදර කතාවයි. නමුත් මුහම්මද් තුමා හා ආයිෂා තුමිය අතර තිබු පවුල් ජීවිතය ගැන කෙනෙක් කියවනවා එවන් ආදර ජෝඩුවක් ලොව නොසිටි බව තීරණය කළ යුතු වෙනවා. මේ පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරන්න ඉදිරියේදී අප බලාපොරොත්තු වෙනවා.
ආයිෂා තුමියගේ විවාහය නිසා ඇති වූ ඇතැම් ප්‍රයෝජන
ආයිෂා තුමියගේ තරුණ විය හේතුවෙන් නබිතුමාණන් පිළිබඳවත්, එතුමාණන් ගේ ප්‍රකාශන, අනුමත කළ දෑ හා ක්‍රියාවන් පිළිබඳවත් එතුමිය විසින් වාර්තා කර ඇති තොරතුරු අති විශාල වන අතර එමගින් පසුකාලීන මුස්ලිම් ප්‍රජාව ලද ප්‍රයෝජනය අති මහත්ය. එම යුගයේ තත්වය අනුව මෙම විවාහය දහමේ සුරක්ෂිත භාවය උදෙසා සිදු විය යුතුම දෙයක් බව අනිවාර්යයෙන්ම මුස්ලිම් ප්‍රජාව අවිවාදයෙන් පිළිගන්නා කරුණක්.
විවේචන සඳහා පිළිතුරු
නූතන ඉස්ලාම් විරෝධීන් මුහම්මද් තුමා හා ආයිෂා තුමිය අතර සිදු වූ විවාහය විවේචනය කරන අතර මුහම්මද් තුමාට “ළමා අපචාරකයා” යන නින්දිත චෝදනාවද මතු කරනවා. නූතන ඉස්ලාම් විරෝධීන්ගේ චෝදනාව සාදාරණ එකක් නම් පහසුවෙන්ම ඉස්ලාම් දහමේ වර්ධනය නැවැත්විය හැකි මෙවන් චෝදනාවක් මුහම්මද් තුමාගේ කාළයේ ජීවත් වූ ඉස්ලාම් විරෝධීන් ඉදිරිපත් කර තිබිය යුතුයි. මුහම්මද් තුමාගේ අඩුපාඩු සොයමින් ඔහුගේ කාලයේ ඉස්ලාම් විරෝධීන්ට මෙය කදිම උපකරණයක්. කෙසේනමුත් මුහම්මද් තුමාගේ කාළයේ සිටි ඉස්ලාම් විරෝධීන් මෙවන් චෝදනවාක් මුහම්මද් තුමාට එල්ල කළේ නැහැ. මෙයට හේතුව මෙම චෝදනාවට කිසිඳු පදනම් නොතිබීමයි. එසේනම් නූතන ඉස්ලාම් විරෝධීන්ගේ චෝදනාවේ යම් දෝෂයක් තිබෙන බව අපට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. මේ පිළිබඳව විවිධ කෝණවලින් කරුණු සාකච්ඡා කරමු.
ළමා අපචාරකයා” යනු කවරෙක්ද?
1998 ප්‍රකාශිත බ්‍රිටැනිකා විශ්වකෝෂයට අනුව ළමා අපචාරකයා”  හි අර්ථකථනය වන්නේ:
ළමා අපචාර යනු මූලික වශයෙන් වැඩිවියට පත් නොවූ කුඩා දරුවන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම තුළින් යම් වැඩිහිටියෙක් තුළ ලිංගික තෘප්තියක් හා උත්තේජනයක් ඇති වන මනෝලිංගික ආබාධයයි. සැබෑ ළමා අපචාරකයාට වැඩිවියට පත් කාන්තාවන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම තුළින් තෘප්තියක් ලැබිය නොහැකි අතර ආත්ම විශ්වාසයද හීනය. ඒවගේම දරුවෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වැඩිහිටියෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වනවාට වඩා අඩු අවදානමක් තිබෙන බවත් ළමා අපචාරකයා දකිනවා”
ඒ වගේම විද්වත් හාරෝල්ඩ් අයි. කෙප්ලන් සහ පිරිස මෙසේ පවසනවා:
ළමා අපචාරයට අමතරව, ළමා අපචාරකයින් සැලකිය යුතු ප්‍රමාණයක් සමගාමීව හෝ ඊට පෙර ප්‍රදර්ශනකාමය, දර්ශාස්වාදය හෝ දූෂණ වලට සම්බන්ධ වූ අයයි. (ප්‍රදර්ශනකාමය: තම ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම තුළින් අන් අය ආකර්ෂණය කිරීම, දර්ශාස්වාදය: නිරුවත් රූප බැලීම තුළින් ලිංගික ආස්වාදයක් ලැබීම) [12]
මෙහිදී මුලින්ම සැලකිය යුතු කරුණක් වන්නේ එකළ තිබූ සම්ප්‍රදායට අනුව ආයිෂා තුමිය හා මුහම්මද් තුමා අතර විවාහ ගිවිසුම සිදු වූයේ ආයිෂා තුමිය වැඩිවියට පත් වීමට පෙර වුවත්, මුහම්මද් තුමා හා ආයිෂා තුමිය අතර පවුල් ජීවිතය ආරම්භ වන්නේ ආයිෂා තුමිය වැඩිවියට පත් වූ පසුව බවයි. මේ සඳහා වසර තුනක් මුහම්මද් තුමා ආයිෂා තුමිය සමඟ පවුල් ජීවිතය ආරම්භ නොකර සිටියා.
ඒ වගේම ආයිෂා තුමිය හැරුණු විට මුහම්මද් තුමා විවාහ කළ අනෙකුත් සියලුම කාන්තාවන් වයස අවුරුදු 16කට වඩා වැඩිමහල් කාන්තාවන්. ඒ වගේම ආයිෂා තුමිය හැරුණු විට අනෙකුත් සියලු කාන්තාවන් වැන්දඹු වූ කාන්තාවන්. මුහම්මද් තුමාගේ පළමු බිරිඳ කදීජා යනු දෙවරක් වැන්දඹු වූ මුහම්මද් තුමාට වඩා අවුරුදු 15ක් වයසැති කාන්තාවක්. එනම් මුහම්මද් තුමා වැඩිහිටි කාන්තාවන් විවාහ කර ඔවුන් සමඟ පවුල් ජීවිතයක් ගත කළ බව පැහැදිලියි. මීට අමතරව මුහම්මද් තුමාට හීන ආත්ම විශ්වාසයක් නොතිබුණු බව ඔහුගේ චරිත කතා තුළින් පැහැදිලි ලෙස සනාත වනවා. මුහම්මද් තුමාගේ ජීවිතය ගැන දන්නා මුස්ලිම් හා මුස්ලිම් නොවන සියලු දෙනා ඔහුගේ ජීවිතය තුළ ප්‍රදර්ශනකාමය, දර්ශාස්වාදය හෝ දූෂණ යන පහත දේවල් කිසිවක් නොතිබුණ බව හොඳින්ම දන්නවා.
මේ සියලු තොරතුරු වලින් පෙනී යන්නේ මුහම්මද් තුමා ළමා අපචාරකයෙක් සතු ගති ලක්ෂණ කිසිවක් නොමැති බවත් එනිසා ඔහු ළමා අපචාරකයෙක් ලෙස පැවසීම වැරදි ප්‍රකාශයක් බවයි. කෙසේනමුත් විවෙචයකන් මුහම්මද් තුමාට ළමා අපචාරකයා ලෙස චෝදනා කරන්නේ ඔහුට අපහාස කිරීම තුළින් ඉස්ලාම් දහමේ වර්ධනය නැවැත්වීමේ අරමුණින් බව අපට තේරුම් ගන්න පුළුවන්.
ආයිෂා තුමිය මුහම්මද් තුමා සමඟ පවුල් ජීවිතය ආරම්භ කළේ වැඩිවියට පත් වීමට පෙරද?
ඉහත ඉදිරිපත් කර ඇති කරුණුවලට අනුව මුහම්මද් තුමාට ළමා අපචාරකයා ලෙස චෝදනා කිරීම නිවැරදි නොවන බව තේරුම් ගත් ඇතැම් ඉස්ලාම් විරෝධීන් උත්සහ දරන්නේ මුහම්මද් තුමා ආයිෂා තුමිය සමඟ පවුල් ජීවිතය ආරම්භ කළ මොහොතේ පවා වැඩිවියට පත් නොවී සිටි බව ඔප්පු කිරීමටයි. කෙසේනමුත් මුහම්මද් තුමා ආයිෂා තුමිය සමඟ පවුල් ජීවිතය ආරම්භ කළේ ආයිෂා තුමිය වැඩිවියට පත් වූ පසු බව සනාත වන කරුණු ඉහත සාකච්ඡා වී තිබෙනවා. එසේනම් විවෙචයන්ගේ චෝදනාවට යම් හේතුවක් තිබෙනවාද?
වයස නවය ගැහැණු ළමයෙකු වැඩිවියට පත් විය හැකි වයසක්ද?
විවේචකයන් පවසන්නේ වයස නවය යනු වැඩිවියට පත් විය නොහැකි වයසක් යන්නයි. මෙය ඇත්තක්ද?
වැඩිවියට පත්වීමේ වයස එකිනෙකට වෙනස් වන අතර පොදුවේ ගැහැණු ළමුන් පිරිමි ළමුන්ට වඩා අඩු වයසින්ම වැඩිවියට පත් වෙනවා. Woman (ගැහැණිය) නම් පොතේ ලේඛකයන් පවසන්නේ රටක හෝ ප්‍රාන්තයක තිබෙන සාමාන්‍ය උණුසුම, ඔසප්වීම සඳහා පමණක් නොව වැඩිවියට පත් වන විට සිදු වන සියලුම ලිංගික වර්ධනයට මූලික සාධයක් ලෙස ක්‍රියා කරන බවයි [13].
මීට අමතරව ජීව හා සමාජ විද්‍යාඥයින්ගේ මතය වන්නේ ග්‍රීෂ්ම කලාපීය දරුවන් ශීතල කලාපයන්හි දරුවන්ට වඩා අඩු වයසින් වැඩිවියට පත්වන බවයි. [14]
ඒ වගේම ඕස්ට්‍රේලියානු රාජ්‍ය සෞඛ්‍ය සංවිධානය ගැහැණු ළමුන් වැඩිවියට පත්වීම පිළිබඳව මෙසේ පවසනවා:
වැඩිවියට පත් වීමේ පළමු ලක්ෂණය වන්නේ සීග්‍ර වර්ධනයයි: ඔගේ උස වැඩි වන්නේය, පයෝධර වර්ධනය වන්නේය, යූනික පෙදෙසේ හා කිහිලි වල රෝම වැඩීමට පටන් ගන්නේය. මෙය වයස 10 සිට 14 දක්වා කාලයේ සිදු විය හැක. ඇතැමුන්ට මෙම වයස් සීමාවට පෙරද, ඇතැමුන්ට මෙම වයස් සීමාවට පසුවද මෙය සිදු විය හැක [15].
මේ පිළිබඳව “මෙඩිලයින් ප්ලස්” (MedlinePlus) නම් වෛද්‍ය විශ්වකෝෂයේ මෙසේ සඳහන් වෙනවා [16]:
පූර්වපාක මල්වරවීම යනු මල්වරවීමේදී ශරීර ලක්ෂණ වල සාමාන්‍යයෙන් සිදු වන අපරිණත වර්ධනයයි. (මල්වරවීම යනු ශරීරය ක්ෂණිකව වෙනස් වීම හා ප්‍රජනන හැකියාව වර්ධනය කරන කාල පරිච්ඡේදයයි) මල්වරවීම පිරිමි ළමුන් තුළ සාමාන්‍යයෙන් වයස 13 සිට 15 දක්වා කාලයේ සිදු වන අතර ගැහැණු ළමුන් තුළ වයස සිට 16 දක්වා කාලයේදී සිදු වන්නේය. වයස 8ට පෙර පහත සඳහන් ඕනෑම ලක්ෂණයක් වර්ධනය වර්ධනය වීම තුළින් ගැහැණු ළමුන් තුළ පූර්වපාක මල්වරවීම ඇති වන්නේය.
  • පයෝධර
  • යූනික පෙදෙසේ හා කිහිලි වල රෝම
  • බාහිර ලිංගේන්ද්‍රිය
  • පළමු ආර්තවය
මේ කරුණු තුළින් පෙනී යන්නේ වයස 9 යනු ගැහැණු ළමයෙක් වැඩිවියට පත් විය හැකි වයසක් බවයි. මේ සඳහා උදාහරණයක් ලෙස වයස නවයේදී දරුවෙකු ප්‍රසූත කළ තායිලන්ත කාන්තාව සලකන්න පුළුවන් [17]. (මෙම උදාහරණය ඉදිරිපත් කර ඇත්තේ වයස 9දි ගැහැණු ළමයෙක් නිරෝගී දරුවෙකු ප්‍රසූත කළ හැකි තරමට පරිණත වී සිටිය හැකියි යන්න සනාත කිරීමට පමණයි.) මෙම තායිලන්ත කාන්තාව වැඩුණු ශරීරයකින් යුත් තැනැත්තියක් බව පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්.
මීට අමතරව වයස 9යට පෙරද ගැහැණු ළමුන් වැඩි වියට පත් වූ අවස්ථා වාර්තා වී තිබෙනවා. මේ සඳහා කදිම උදාහරණයක් වන්නේ වයස අවුරුදු 5යි මාස 7යි දින 21දි දරුවෙකු ප්‍රසූත කළ ලීනා මෙඩීනාය (Lina Medina) [18][19] (මෙම උදාහරණය ඉදිරිපත් කර ඇත්තේ වයස 9ට පෙර පවා ගැහැණු ළමයෙක් නිරෝගී දරුවෙකු ප්‍රසූත කළ හැකි තරමට පරිණත වී සිටිය හැකියි යන්න සනාත කිරීමට පමණයි.)

http://www.islaminvites.org/marriage_between_prophet_muhammad_and_aisha_si/
මෙනිසා ආයිෂා තුමිය අඩු වයසින් වැඩි වියට පත්වීම පුදුම දෙයක් නොවේ. ඒ වගේම “නවය” යන වචනය දෙස පමණක් බලා, පවුල් ජීවිතය ආරම්භ කරන විට ආයිෂා තුමිය වැඩිවියට පත් වී සිටියේ නැහැ යැයි පැවසීම නිවැරදි නොවන බව අපට තේරුම් ගන්න පුළුවන්.
පවුල් ජීවිතය ආරම්භ කරන විට ආයිෂා තුමිය වැඩිවියට පත් වී සිටියේ නැහැ යැයි පැවසීමට වෙනත් හේතු කිසිවක් නොමැති නිසා විවේචකයන් ආයිෂා තුමියගේ බෝනික්කන් ගැන සඳහන් කරමින් ආයිෂා තුමිය විවාහ වූ පසුවත් බෝනික්කන් සමඟ සෙල්ලක් කළ නිසා ඇය වැඩි වියට පත් පරිණත කාන්තාවක් නොවූ බව පවසනවා. මෙය ඇත්තක්ද?
ආයිෂා තුමිය මෙසේ පවසා සිටියාය: මම මුහම්මද් තුමා ඉදිරියේ බෝනික්කන් සමඟ සෙල්ලම් කරන්නියක් ලෙස සිටියෙමි, මා සමඟ සෙල්ලම් කරන මිතුරියන්ද මට සිටියහ. මුහම්මද් තුමා පැමිණි විට ඔවුන් සැඟවෙන අතර එවිට ඔවුන් අමතා මා සමඟ සෙල්ලම් කරන ලෙස මුහම්මද් තුමා පවසන්නේය. [20]
මේ පුවත උපුටා දක්වන විවේචකයන් පවසන්නේ පවුල් ජීවිතය ආරම්භ කළ ආයිෂා තුමිය වැඩිවියට පත් පරිණත කාන්තාවක් ලෙස නොසිටි බවයි. කෙසේනමුත් මෙම පුවතේ සඳහන් සිදුවීම සිදු වූයේ විවාහයෙන් පසුව හෝ පවුල් ජීවිතය ආරම්භ කළ පසුව බව පැවසීමට කිසිඳු සාක්ෂියක් නැහැ. ඒවගේම අනෙකුත් පුවත් වලින් සනාත වන්නේ විවාහයෙන් පසුව ආයිෂා තුමිය තම බෝනික්කන් ළඟ තබා ගත්තද ඒවා භාවිතා කරමින් සෙල්ලම් නොකළ බවයි.
අල්ලාහ්ගේ දූතයාණන් ඇයව වසර හතේදී විවාහ කර ගත් අතර ඇයට වයස නවයක් වූ විට ඔහුගේ නිවසට රැගෙන ගිය බවත්. එවිට ඇයගේ බෝනික්කන් ඇය ළඟ තිබුණ බවත්, ඔහු (අල්ලාහ්ගේ දූතයාණන්) මිය යන විට ඇයට වයස දහ අටක් වුණ බවත් ආයිෂා තුමිය වාර්තා කර තිබෙනවා. [21]
ඒ වගේම ආයිෂා තුමියගෙන් ලැබුණු පුවතක් මෙසේ සඳහන් වෙනවා:
තබූක් හෝ කයිබර් යුද්ධයෙන් පසු මුහම්මද් තුමා නැවත පැමිණි අතර ඇයගේ ගබඩා භාණ්ඩ තිබෙන ස්ථානය මත තිරයක් තිබුණි. සුළඟ නිසා මෙම තිරයේ එක් මුල්ලක් ඉහලට එසවී ආයිෂා තුමියගේ සෙල්ලම් බඩු දිස් විය. “ආයිෂා! මේ මොනවාද? යැයි” ඔහු (මුහම්මද් තුමා) ඇසීවේය. “මාගේ බෝනික්කන්” යැයි ඇය පිළිතුරු දුන්නාය. ඒවා අතුරින් රෙදි වලින් සැකසුණු පිහාටු දෙකක් තිබෙන අශ්වයෙකු දැක “මේවා අතර තිබෙන දෙය කුමක්ද?” යැයි ඔහු(මුහම්මද් තුමා) විමසුවේය. “අශ්වයෙක්” යැයි ඇය පිළිතුරු දුන්නාය. “ඒ මත තිබෙන දේ කුමක්ද?” යැයි ඔහු විමසුවේය. “පිහාටු දෙකක්” යැයි ඇය පිළිතුරු දුන්නාය. “පිහාටු සහිත අශ්වයෙක්?” යැයි ඔහු ඇසුවේය. “සුලෛමාන් තුමා සතුව පිහාටු තිබෙන අශ්වයින් සිටි බව ඔබ අසා නැද්ද?” යැයි ඇය විමසුවාය. මෙය අසා තම දළ දත පෙනෙන තරමට ඔහු සිනාසුනේය යැයි ඇය පැවසුවාය.  [22]
මෙම පුවත දෙස අවධානයෙන් බැලීමේදී පෙනී යන්නේ ආයිෂා තුමිය මුහම්මද් තුමාගේ නිවසට යන විට ඇය කුඩා කළ සෙල්ලම් කළ සෙල්ලම් බඩු රැගෙන ගොස් ගබඩා භාණ්ඩ තිබෙන ස්ථානයේ තබා තිරයකින් වසා තැබූ බවයි. නමුත් මෙහි අදහස ඇය බෝනික්කන් සමඟ සෙල්ලම් කළා යන්න නොවන බව කාටත් පැහැදිලි කරුණක්. ආයිෂා තුමිය සතුව බෝනික්කන් සිටි බව මුහම්මද් තුමා මුල් වරට දැන ගන්නේ තබූක් හෝ කයිබර් යුද්ධයෙන් පසු නැවත නිවසට පැමිණෙන විට ගබඩා භාණ්ඩ තිබෙන ස්ථානයෙන් තිරය මදක් ඉවත් වූ නිසයි. මෙම අවස්ථාවේදී ආයිෂා තුමියගේ වයස අවුරුදු 14ක් පමණ වෙනවා. එනම් පවුල් ජීවිතය ආරම්භ කර අවුරුදු 5ක් පමණ ගත වී අවසන්.  පවුල් ජීවිතය ආරම්භ කළ පසුවත් බෝනික්කන් සමඟ සෙල්ලම් කරන්නියක් ලෙස ආයිෂා තුමිය සිටියේ නම් ඇය සතුව බෝනික්කන් සිටින බව මුහම්මද් තුමා පෙරම දැන ගෙන සිටිය යුතුයි. එනිසා ආයිෂා තුමිය බෝනික්කන් සමඟ සෙල්ලම් කළා යන සිදුවීම විවාහයට ප්‍රථමව හෝ පවුල් ජීවිතය ආරම්භ කිරීමට ප්‍රථමව සිදු වූ බව අපට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.
ඇතැම් පරිණත කාන්තාවන් පවා බෝනික්කන් තමා සතුව තබා ගැනීම සාමාන්‍ය දෙයක්. ඒවගේම වැඩිවියට පත් උදවිය පවා සෙල්ලම් භාණ්ඩ භාවිතා කරමින් සෙල්ලම් කිරීම සාමාන්‍ය දෙයක්. මෙය අදකාලයේ පවා අපට දැක බලා ගන්න පුළුවන්[23][24][25]. එනිසා මෙම සිදු වීම(බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීම) සිදු වූයේ පවුල් ජීවිතය ආරම්භ කිරීමෙන් පසුව බව මොහොතකට සිතුවත් එමඟින් ආයිෂා තුමිය වැඩිවියට පත් පරිණත කාන්තාවක් ලෙස නොසිටි බව පවසන්න පුළුවන් කමක් නැහැ.
ආයිෂා තුමිය පවුල් ජීවිතය ආරම්භ කළේ වැඩිවියට පත් වූ පසුව බව පැහැදිලි කරුණක්.
කැරන් ආම්ස්ට්‍රෝන්ග් මෙනවියගේ “Muhammad: A Prophet for Our Time” යන ග්‍රන්ථයෙන් මුහම්මද් තුමා හා ආයිෂා තුමිය අතර සිදු වූ විවාහය පිළිබඳව මෙසේ සඳහන් වෙනවා:
“මුහම්මද් තුමාණන් හා ආයිෂා තුමිය අතර සිදු වූ විවාහයෙහි කිසිම අයෝග්‍යතාවක් නොමැත. ආයිෂා තුමියට වඩා අඩු වයසින් වූවන්වද එම යුගයේ විවාහ කර දීම සම්මත සම්ප්‍රදායක් ව පැවතිණි. මෙම පිළිවෙත යුරෝපීය රටවල් හි මෑත කාලයක් දක්වා ක්‍රියාත්මක විය. කෙසේ නමුත් ආයිෂා තුමියගේ විවාහය සිදු වන්නේ එතුමිය වැඩි වියට පත් වූවායින් පසුව යන්න පැහැදිළි කරුණකි.” [26]
වැඩිවියට පත් වුවද වයස නවය යනු විවාහයට නුසුදුසු වයසක්ද?
ඉහත චෝදනා බිඳ වැටෙන විට විවෙචයන් පවසන්නේ ආයිෂා තුමිය වැඩිවියට පත් වූ කාන්තාවක් වුවත් වයස අවුරුදු නවය යන්න ඉතා යොවුන් වයසක් නිසා ඇය මානසකිව හා ශාරීරිකව විවාහයකට සුදුසු කාන්තාවක් ලෙස නොසිටි බවයි. මෙසේ පැවසීමට කිසිඳු සාධකයක් මෙම විවෙචයන් සතුව නැහැ. තිබෙන සාක්ෂි අනුව පෙනී යන්නේ ආයිෂා තුමිය මානසකිව හා ශාරීරිකව විවාහයකට සුදුසු කාන්තාවක් ලෙස සිටි බවයි. මෙම සාක්ෂි මෙම ලිපිය පුරාවට සාකච්ඡා වී තිබෙනවා.
මීට අමතරව, අද මෙන් පාසල් යෑම, අමතර පන්ති, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්ව විද්‍යාල අධ්‍යාපනය යනාදී දේවල් එකළ තිබුනේ නැහැ. එනිසා වැඩිවියට පත් කාන්තාවන් ඉක්මනින්ම යුග දිවියට එළඹෙනවා.
උදාහරණයක් ලෙස යෙහෙසුස් තුමාගේ මව වන මරිය තුමිය හා ජෝසෆ් තුමා සමඟ විවාහ වූයේ ඇයට වයස 12 හා 14 අතර තිබියදී බව කතෝලික විශ්වකෝෂය පවසනවා. මෙම මොහොතේදී ජෝසෆ් තුමාගේ වයස අවුරුදු 90යි. [27]
බයිසන්ටයින් චක්‍රවර්තීන්ගේ බිසෝවරුන්ද ඉතා යොවුන් බිසෝවරුන් බව ඉතිහාසය අපට පවසනවා[28]
එතරම් දුර දිග නොගොස් අපගේ මුත්තා, කිත්තා, කිරිකිත්තා විවාහ වන විට ඔවුන්ගේ මනාලියන්ගේ වයස කුමක්ද කියා කරුණාකර සොයා බලන්නේ නම් බොහෝ විට ඔවුන් ඉතා යොවුන් කාන්තාවන් විවාහ කර තිබෙන බව අපට දැන ගන්න පුළුවන් වේවි.
වයස නවය යන්න නීතියට අනුව බාලවයසක් නේද?
අවසාන වශයෙන් විවේචකයන් පවසන්නේ වයස 9වය යන්න නීතියට අනුව බාල වයසක් බවයි. මේ පිලිබඳ සත්‍ය තොරතුරු විමසන්නට පෙර ශ්‍රී ලාංකිකයින් වශයෙන් තොරතුරු කිහිපයක් දෙස අවධානය යොමු කරමු. පහතින් උපුටා දක්වා ඇත්තේ ‘දිනමිණ’ පුවත් පතේ 2011 අගෝස්තු මස 2 වැනි අඟහරුවාදා පළ වූ ප්‍රවෘත්තියකි.
අඩු වයසින් පෙළවහට නීති රීති සැකසේ
“දැනට පවතින විවාහ ලියා පදිංචි කිරීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සලකා බලන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා දැනට පවතින අවම වයස 18 ක් වන අතර එය අවුරුදු 15 දක්වා අඩු කිරීම කෙරෙහි කරුණු සලකා බලන බව ඇමතිවරයා පවසයි. ගම්බද ප්‍රදේශ වල අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම හේතුවෙන් ස්ත්‍රී දුෂණ චෝදනා වලට නඩු පැවරෙන තරුණ තරුණියන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යෑම පිළිබඳ අවධානය යොමු කර මෙලෙස විවාහ වීමේ වයස්  සීමාව සංශෝධනය කිරීම කෙරෙහි කරුණු සලකා බලමින් සිටින බවද ඇමැති වරයා කියයි. අඩු වයසින් ලිංගික සබඳතා පැවැත් වීම සපුරා තහනම් වන අතර එවැන්නක් ඔප්පු වුවහොත් අදාළ පුද්ගලයාට වසර 7 ක සිර දඬුවමක් පැනවීමට නීතියෙන් ප්‍රතිපාදන ඇත. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම සඳහා තමා අධිකරණ අමාත්‍යවරයා ව සිටි අවධියේත් මෙම යෝජනාව ගෙනා බව පවසන ඇමතිවරයා විවිධ පාර්ශව වල බලපෑම මත එම යෝජනාව ස්ථීර කර ගැනීමට නොහැකි වූ බවද කීය. එහෙත් වර්තමානයේ බාල වයස්කාර දරුවන් (අවුරුදු 18 ට අඩු) විවාහ කරවීමේ රෙජිස්ට්‍රාර් වරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. මේ නිසා වයස අවුරුදු 18 සම්පුර්ණ වනතුරු කිසිදු අයෙකුට විවාහ වීමේ ඉඩ ප්‍රස්තා අහුරා ඇතැයි ද ඒ මහතා කීය”. [29]
මෙම ප්‍රවෘත්තියෙන් හෙළිදරවු වන කරුණු විමසා බලමු.
  1. දැනට බාලවයස්කාර ලිංගික අපචාර වැඩි වෙමින් පවතිනවා. මෙයට විසඳුම ඇත්තේ විවාහ සංස්ථාව තුළ බව ඇමැතිවරයා දකිනවා.
  2. අඩු වයසින් නීත්‍යනුකූල විවාහ බන්ධනයකට ඇතුළත් වීමෙන් මෙම තත්වය වෙනස් කළ හැකිය යන අපේක්ෂාව. සමාජ සදාචාරය මෙ මගින් සුරැකෙයි යන බලාපොරොත්තුව.
  3. විවාහයට අදාළ අවම වයස අපගේ නීති පද්ධතියේ ඇති අතර උපරිම වයස පිළිබඳ සඳහනක් කිසිදු තැනක සඳහන් වී නැහැ.
උඩරට විවාහ හා දික්කසාද නීතිය.
උඩරට නීතිය බලපාන ස්ත්‍රියක හා පුරුෂයකු අතර සිදුවන විවාහයක් උඩරට විවාහයක් ලෙස ලියා පදිංචි කළ හැකිය. මෙම නීතිය බලපවත්වන පළාත් වනුයේ: 1. මධ්‍යම පළාත, 2. උතුරු මැද පළාත, 3. ඌව පළාත, සහ 4. සබරගමුව යන පළාත් සතරයි.  මේ පිළිබඳව දැනට බලපවත් වනුයේ 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනතයි. 1954 අංක 34, 1955 අංක 22, 1975 අංක 41, 1978 අංක 23 යන සංශෝධන පනත් වලින් මුල් පනත කීප වතාවක් සංශෝධනය කර ඇත. උඩරට නීතිය අනුව විවාහ වීම සඳහා පිරිමි අයෙකුගේ වයස අවුරුදු 16 ක් ද ගැහැනු කෙනෙකුගේ වයස අවුරුදු 12 ක් ද සම්පුර්ණ වී තිබිය යුතුය.  (උපුටා ගැනීම “උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසවලම නීතිය හා පුද්ගල නීතිය” – නීතිඥ ආනන්ද එන්. තිලකරත්න)
උඩරට විවාහ නීතිය සැකසීමේදී ස්ත්‍රියගේ අවම වයස අවුරුදු 12 බවට තීන්දු කරන්නට ඇත්තේ ශ්‍රී ලාංකීය කාන්තාවකගේ වැඩිවියට පත්වීමේ සාමාන්‍ය වයස පදනම් කර ගෙන විය යුතුය යන්න අපගේ නිහතමානී මතයයි.
අතීතයේ ඇතැම් ප්‍රදේශ වල විවාහ වීමේ වයස ඉතා අඩු අගයක තිබුණු අතර කාලයත් සමඟ මෙම සීමාව ක්‍රමයෙන් වැඩි වී ඇති බව වටහා ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස වසර 1880දී ඇමරිකාවේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විවාහ විය හැකි අවම වයස අවුරුදු 7යි [30]. නමුත් වසර 2007දී පවා ස්පාඥයේ නීතියට අනුව විවාහ විය හැකි අවම වයස 13යි. වැඩිවියට පත් කාන්තාවන් අධ්‍යාපනය, වෙළඳාම යනාදී විවිධ අංශ වලට යොමු වීම එක් එක් රටවල විවාහක වයස් සීමාව වැඩි වීමට හේතු වී තිබෙන්න පුළුවන්.
ඒ වගේම විසි එක් වන සියවසේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ දෙමව්පියන්ගේ අනුමැතිය ඇතිව ස්ත්‍රියකගේ විවාහය සඳහා වූ නීත්‍යනුකූල අවම වයස වන්නේ අවුරුදු 13 ය. ඇමෙරිකානු එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දෙවව්පියන්ගේ එකඟතාව හා විනිශ්චය කරුවෙකුගේ අනුමැතිය ඇතිව සිදු වන විවාහයක් සම්බන්ධයෙන් අවම වයස් සීමාවක් නැහැ [31]. මේවා වර්ෂ 1400 කට පෙර නොව වර්තමානයේ විද්‍යාව හා තාක්ෂණය අතින් ලොව ඉදිරියෙන්ම  සිටින ඇමෙරිකානු එක්සත් ජනපදයේ වැදගත් ප්‍රාන්තයක 21 වන සිය වසේ ක්‍රියාත්මක නීතීන්ය.
ලෝකයේ විවිධ ප්‍රදේශ වල තිබෙන නීති ගැන සැලකීමේදී යම් පෙදෙසක බලපවත්නා නීතිය අනුව කෙනෙක් වැඩිහිටියෙක් වුනත් එම පුද්ගලයාම වෙනත් පෙදෙසක බලපවත්නා නීතියට අනුව බලවයසේ සිටින පුද්ගලයෙක් ලෙස සැලකිය යුතු වෙනවා. ඒ වගේම ලෝකයේ විවිධ කාල වල තිබුණ නීති ගැන සැලකීමේදී යම් කලක කෙනෙක් වැඩිහිටියෙක් ලෙස සැලකුවද වෙනත් කාලයකදී බාලවයස් පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු වෙනවා.  මෙය සාධාරණයිද?
එනිසා අවුරුදු 18 ට අඩු වයසින් විවාහය හෝ ලිංගික සම්බන්ධය වර්තමානයේ වසර 7 ක සිර දඬුවමක් ලැබීමට හේතු විය හැකිමුත් වසර දහස් ගණනකට පෙර සිදු වූ විවාහයක් මෙම නීතිය පදනම් කර ගෙන විනිශ්චයක් හෝ මතයක් හෝ පළ කිරීමට බුද්ධිමත් කිසිවෙකු ඉදිරිපත් නොවෙයි යන්න අපගේ මතයයි. උදාහරණයක් ලෙස වයස 16 දී සිදු වූ සිද්ධාර්ථ බෝසතාණන්ගේ හා යසෝධරා දේවියගේ විවාහය ද වර්තමාන නීතියට පටහැනි එකක් බව බුද්ධිමත් කෙනෙක් පවන්නේ නැහැ.  එක් එක් යුගයන් හි පැවති සමාජ සම්ප්‍රදායන්, පිළිගැනීම් හා නීති රීති අනුව එම සමාජයන් හි චර්යාවන්, චාරිත්‍ර හා ක්‍රියාකාරකම් සැකසී තිබෙනවා. වර්තමානයේ ඇති නීති රීති හා සංස්කෘතිය පදනම් කර ගෙන පැරණි යුගයේ සිදුවීම් විවේචනය කිරීම ට ඉදිරිපත් වීම අර්ථ විරහිත ක්‍රියාවක්. මෙවන් අතීතානුයෝගී චින්තනය ඇත්තේ මානව ඉතිහාසය හා වර්ධනය පිළිබඳ දැනුමක් නොමැති උදවියට බව පැවසිය යුතුයි.
ඉස්ලාමයට අනුව බාලවයස් පුද්ගලයෙකු ලෙස සලකනු ලබන්නේ වැඩිවියට පත් නොවූ කෙනෙක්. එනිසා විවිධ ප්‍රදේශ වල විවිධ කාල වල වැඩිවියට පත් වන වයස විවිධාකාර වෙන්න පුළුවන්. මේ අනුව වැඩිවියට පත් කාන්තාවක් සතුව විවාහ වීමේ සුදුසුකම් තිබෙනවා නම් ඇයට විවාහ වීමේ අනුමැතිය ඉස්ලාම් දහම ලබා දෙනවා. මෙහි ඇති වැරැද්ද කුමක්ද?
වැඩිවියට පත් සියලුම කාන්තාවන් වයස 9දී විවාහයට සුදුසු කාන්තාවන්ද?
ආයිෂා තුමිය විවාහයට සුදුසු පරිණත කාන්තාවක් වුවද වයස 9දි වැඩිවියට පත් සියලුම කාන්තාවන් විවාහය සඳහා සුදුසු නොවීමට පුළුවන් බව ඇතැමුන් පවසනවා. මෙය පිළිගත හැකි කරුණක්. කෙසේනමුත් “තමාට හිංසා නොකිරීම, අනුන්ට හිංසා නොකිරීම” යන ඉස්ලාමීය ඉගැන්වීම නිසා ඉස්ලාම් දහම අනුමත කරන යම් යම් දේවල් ඇතැම් විට තහනම් වන්න පුළුවන්. උදාහරණයකට උපවාස රැකීම තුළින් යම් කෙනෙකුට හානියක් වෙනවා නම් එම පුද්ගලයා උපවාස රැකීම ඉස්ලාම් දහම ඔහුට තහනම් කරනවා. මේ අකාරයෙන්ම අඩු වයසින් වැඩිවියට පත් කාන්තාවකට වයස 9දී විවාහ වීම සඳහා සුදුසු මානසික තත්වයක් හෝ ශාරීරික තත්වයක් නොතිබුනේ නම් විවාහ වීමෙන් ඇයට හානියක් වෙනවා නම් මැය විවාහ වීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම වැඩිවියට පත් කාන්තාවක් වයස 9දී අනිවාර්යයෙන්ම විවාහ කළ යුතු බව ඉස්ලාම් දහම පවසන්නේ නැති බව මෙහිදී අප මතක තබා ගත යුතුයි.
නමුත් විවාහ වීමට නුසුදුසු මානසික හෝ ශාරීරික තත්වයක් ආයිෂා තුමියට තිබුණු බව පැවසීමට සාක්ෂියක් නැහැ. එනිසා ඇයගේ විවාහය ප්‍රතික්ෂේප කිරීමට කිසිඳු සාධාරණ හේතුවක් නැහැ.
වයස් පරතරය ගැටලුවක්ද?
ඇතැම් විවේචකයන් ආයිෂා තුමිය හා මුහම්මද් තුමා අතර ඇති වයස් පරතරය ගැන ප්‍රශ්න කරනවා. හිමි වන ස්වාමියා දේව පණිවුඩකරුවෙකු වන අතර ඉහළ ගති ගුණවලින් පිරි පුද්ගලයෙක් නිසා ආයිෂා තුමියට වයස් පරතරය ගැටළුවක් වී තිබෙන්න පුලුවන්ද? මෙම වයස් පරතරය ආයිෂා තුමියට හෝ ඇයගේ දෙමාපියන්ට හෝ මුහම්මද් තුමාට හෝ ප්‍රශ්නයක් නොවුනේ නම් එම වයස් පරතරය අපට ගැටළුවක් වන්නේ කෙසේද? එනිසා විවෙචයන්ගේ මෙම චෝදනාව සැලකිය යුතු චෝදනාවක් නොවන බව මෙහිදී පැවසිය යුතුයි.
විවාහය සිදු වූයේ ආයිෂා තුමියගේ කැමැත්ත අනුවද?
මෙම විවාහය ආයිෂා තුමියගේ කැමැත්තට පටහැනිව සිදු වුණා යැයි පැවසීමට කිසිඳු සාක්ෂියක් නැහැ. ඒ වගේම ආයිෂා තුමිය හා මුහම්මද් තුමාගේ ජීවිතය ගැන හැදෑරීමේදී ආයිෂා තුමිය මුහම්මද් තුමා සමඟ ජීවත් වූයේ ඉතා කැමැත්තෙන් හා ආදරයෙන් බව පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. මුහම්මද් තුමාගේ ප්‍රියාදර බිරිඳ වූයේද ආයිෂා තුමියයි.
විවේචකයන් සඳහා
වැඩිවියට පත් ආයිෂා තුමිය හා මුහම්මද් තුමා අතර සිදු වූ විවාහය පිළිබඳව නබිතුමාගේ (එතුමාට දෙවිඳුන්ගේ ශාන්තිය හා ආශීර්වාදය අත්වේවා) යුගයේ කිසිවෙක්, මුස්ලිම් හෝ ඉස්ලාමයේ හතුරන් විසින් හෝ විරුද්ධ මත ප්‍රකාශ කර ඇත්තේදැයි කරුණාකර සොයා බලන්න. සියලු විවේචන මතු වී ඇත්තේ 20 වැනි හා 21 වැනි සියවසේ ඉස්ලාම් විරෝධීන් ගෙන් පමණි. එනිසා මෙම විවාහයේ ඇති ගැටලුව කුමක්ද කියා මෙම නූතන විවේචකයන්ගෙන් මුලින්ම අසන්නට කැමැත්තෙමු. වෛරය පදනම් කර ගෙන ආගමික නායකයින්ට හා අන් අයට මඩ ගසා අන් අයගේ සිත් තුළ වේදනාවක් ඇති කොට එයින් වින්දනයක් ලබන්නට ඉදිරිපත් වන්නේ Sadism (“පරපීඩාකාමිත්වය”) නමැති මානසික රෝගයෙන් පෙළෙන්නන් පමණි.
ආයිෂා තුමියගේ විවාහය පිළිබඳව මතු කර ඇති අශෝභන විවේචන ඉහතින් පැහැදිළි කොට ඇති කරුණු පිරික්සා බැලීමේදී අර්ථ ශුන්‍ය එකක් බව සහතික වශයෙන්ම ඔප්පු වන සත්‍යයකි. මෙසේ අවලාදාත්මක විවේචන ඉදිරිපත් කරන්නන් පිළිබඳව අවෛරයෙන් යුක්තව අනුකම්පා සහගත හැඟීමකින් ඔවුන්ට සත්‍යයේ දොරටු විවෘත වේවා! යැයි ප්‍රාර්ථනා කරමු.

http://www.islaminvites.org/marriage_between_prophet_muhammad_and_aisha_si/
මූලාශ්‍රයන්
[1] Lings (1983). Muhammad: His Life Based on the Earliest Sources. pp. 105–106.
[2] Sahih Al-Bukhari, Volume 7, Book 62, Number 57
[3] Sahih Al-Bukhari, Volume 7, Book 62, Number 18
[4] Sahih Al-Bukhari, Hadith 4738
[5] Sunan at-Tirmidhi (2/409)
[6] Sahih al-Bukhari 3894
[7] Siyar A‘laam an-Nubala’ (10/91)
[8] Karen Armstrong, Muhammad: A Biography of the Prophet, Harper San Francisco, 1992, page 157
[9] Sunan Abi Dawud 2578 (http://sunnah.com/abudawud/15/102)
[10] Sahih al-Bukhari 949, 950 (http://sunnah.com/bukhari/13/2)
[11] Sahih al-Bukhari 2880, http://sunnah.com/bukhari/56/95
[12] Harold I. Kaplan et al. (Synopsis of Psychiatry, 5th ed. [Williams and Wilkens, 1988], p. 360)
[13] Herman H. Ploss, Max Bartels and Paul Bartels, Woman, Volume I, Lord & Bransby, 1988, page 563
[16] MedlinePlus, Medical Encyclopaedia (http://www.nlm.nih.gov/medlineplus/ency/article/001168.htm)
[20] Al-Adab Al-Mufrad 362 (http://sunnah.com/adab/19/7)
[21] Sahih Al-Muslim, 3311 (http://sunnah.com/muslim/16/83)
[22] Sunan Abi Dawud 4932 (http://sunnah.com/abudawud/43/160)
[26] Karen Armstrong,Muhammad: A Prophet for Our Time, page 109

No comments:

Post a Comment