මුහම්මද් ﷺ තුමා හා ආයිෂා (රලි) තුමිය අතර සිදු වූ විවාහය
කදීජා තුමියගේ අභාවයෙන් අවුරුදු දෙකකට පසු අවුරුදු 50 ක් වයසැති වැන්දඹු ව සිටි සවුදා තුමියව මුහම්මද් තුමා විවාහ කර ගත් අතර ඉස්ලාමය වෙනුවෙන් නොයෙකුත් ෂ්කරතාවන්ට මුහුණ දී සිටි සවුදා තුමියට මෙය විශාල අස්වැසිල්ලක් වුවාට සැකයක් නොමැත. කදීජා තුමියගෙන් ලද දරුවන් රැක බලා ගැනීමට එතුමියගෙන් ලද සහාය මුහම්මද් තුමාණන්ට ද අති විශාල සහනයක් විය. මීළඟට මුහම්මද් තුමාණන් විවාහ කර ගන්නේ ආයිෂා තුමියවයි. මේ විවාහය පිළිබඳව දැන් අපි කරුණු සාකච්ඡා කරමු.
ආයිෂා තුමිය යනු මුහම්මද් තුමාගේ හොඳම මිතුරා වන අබූ බක්කර් තුමාගේ දියණියයි. මැය මුහම්මද් තුමා සමඟ විවාහ ගිවිස ගැනීමට පෙර ජුබෛර් නම් යුද්දෙව්වෙකු සමඟ විවාහ ගිවිස ගෙන සිටියා[1].



