Pages

Tuesday, October 13, 2015

තාජුඩීන් ඝාතනයේ කිසිදිනෙක හෙළිනොවූ තොරතුරු මෙන්න ! හිටපු ලංකා ලීක්ස් කර්තෘගේ දෙවන හෙළිදරව්ව !!



wasim_thajudeen
ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායම උප නායකයකු වූ මොහොමඩ් වසීම් තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් කරුණු සහ සාක්ෂි රාශියක් අනාවරණය කර ගැනීමට අපට හැකියාව ලැබී ඇත.
අපට ලැබී ඇති තොරතුරු අනුව මෙම මරණය සම්බන්ධයෙන් සාක්ෂි සැපයූ මොහොමඩ් වසීම් තජුඩීන්ගේ මිතුරන් දෙදෙනා සහ එක් සාක්ෂිකරුවෙකුගේ පෙම්වතිය විසින් දෙනු ලැබූ සාක්ෂි සහ කටඋත්තර සම්බන්ධයෙන් සහ මෙම සාක්ෂිකරුවන් සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් වන යෝෂිත, නාමල්, රෝහිත සහ ශිරන්ති සමග ඇති ඉතාම කිට්ටු සබඳතාවයන් ඇසුරු කිරීම, රාජපක්ෂවරුන් විසින් මෙම සාක්ෂිකරුවන්ට ලබාදුන් අතිමහත් වරප්‍රසාද සහ වන්දනාමාන සියල්ලන්ගේම තොරතුරු අප වෙත ලැබී ඇත.
ප්‍රයෝගිකව ගත්කළ අවාසනාවන්ත ලෙස මරණයට පත්වන තාජුඩීන්ගේ මරණය සිදුවන්නේ 2012 මැයි මාසයේ 16 වන දිනයි. කෙසේ වුවද මැදියම් රැයේදී සිදුවන මෙම සිදුවීම පරික්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පැමිණෙන්නේ 2012 මැයි මාසයේ 17 වන දින හිමිදිරි උදැසන පැය 00.55 ට බව ශ්‍රී ලංකා පොලීසිය විසින්  මහේස්ත්‍රාත්වරයා වෙත යැවූ වාර්තාවේ සදහන් වේ. එකී වාර්තාව විවිධ මාධ්‍ය ඔස්සේ ද මේවන විට ජනතවට දැක බලාගැනීමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව එහි පිටපතක් අප වෙත ද  ලැබිණි. එකී වාර්තාව කියවා බැලීමේදී එහි ඇති පරස්පරයන්, විශේෂයෙන්ම සාක්ෂිකරුවන් වශයෙන් සඳහන්ව තිබු පුද්ගලයින් සම්බන්ධයෙන් විවිධ තොරතුරු අපට ලැබුණු අතර පසුව ඒ සම්බන්ධයෙන් කරනු ලැබූ පරීක්ෂණවලදී  ඉතාමත් වැදගත් කරුණු රාශියක් හෙලිකරගැනීමට අපට හැකිවිය.
තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සාක්ෂිකරුවන් වන්නේ  මොහොමඩ් සාකීර් බදුර්දීන්, චාමින්ද ජෙයප්‍රකාශ් සහ මරියානා රශ්මි ද සිල්වා යන අය වන අතර මේ අය අතුරෙන් මරියානා රශ්මි ද සිල්වා යන අය චාමින්ද ජෙයප්‍රකාශ්ගේ පෙම්වතිය වශයෙන් හඳුන්වා දී ඇත. සැබවින්ම මරියානා රශ්මි ද සිල්වා යන අය  මෙම සිදුවීමට සම්බන්ධ වන්නේ එදින රාත්‍රියේ මධුවිත පානය කළ ස්ථානය ස්ථිර කිරීමට සහ එකී ස්ථානයේ සිට සිදුවීම සිදුවූ ස්ථානය අතර ඇති සහ-සම්බන්ධකම් ප්‍රත්‍යක්ෂ කිරීමටය. සැබවින්ම මරියානා රශ්මි ද සිල්වාගේ සාක්ෂිය ඉතා වැදගත් සාක්ෂියකි.
ඉහත අවාසනාවන්ත සිදුවීම 2012 මැයි මාසයේ 16 වන මැදියම් රැයේ සිදුවුවද නාරාහේන්පිට පොලීසිය විසින් ප්‍රධාන සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් ලබාගන්නේ  21 වෙනිදා බව පොලීසිය විසින් මාධ්‍යවෙත නිකුත් කරනු ලැබූ වාර්තා නිරීක්ෂණය කරන විට පෙනීයන කරුණකි.
මෙම සාක්ෂි සටහන් පරික්ෂා කර බැලූවිට පරස්පරතාවයන් රාශියක් තිබෙන බව පැහැදිලිය. එයින් එක් කරුණක් වන්නේ මරියානා රශ්මි ද සිල්වා කියන ආකාරයට සාක්ෂිකරුවන් දෙපල සහ තජුඩීන් ඇන්ඩර්සන් පෙදෙසේ නිවසින් පිටව යන්නේ රාත්‍රී 11 ට පමණය. නමුදු මොහොමඩ් සාකීර් බදුර්දීන් සහ චාමින්ද ජෙයප්‍රකාශ්  සදහන් කරනුයේ ඔවුන් පිටව ගියේ රාත්‍රී 11.30 ට  පමණ බවය. මෙවැනි පරස්පරයක් ඇතිවූයේ මන්ද ?
සාක්ෂි අනුව තජුඩීන් පළමුව අංක 36 ගල්හේන පාර, ගංගොඩවිල, නුගේගොඩ පිහිටි චාමින්ද ජෙයප්‍රකාශ්ගේ නිවසට යන අතර  පසුව අංක 15, නිහාල් සිල්වා මාවත, කිරුළපන පිහිටි මොහොමඩ් සාකීර් බදුර්දීන්ගේ  නිවසට ගිය බවත් සාක්ෂිවල සටහන් වේ. පසුව තජුඩීන් පදිංචිව සිට කොළඹ 06, මුරුගන් පෙදෙස නිවස වෙත යනබව පවසා පිටව ගිය බවත් සාක්ෂිවල සටහන් ඇත.
මෙම ප්‍රධාන සක්ෂිකරුවන්ගේ ප්‍රකාශවලට අනුව මරියානා රශ්මි ද සිල්වා ඇන්ඩර්සන් පෙදෙසේ නිවසින් පිටව යන්නේ රාත්‍රී 11.30 ට පමණය.  පිළිගත් ක්‍රියාදාමයන්   GOOGLE MAP භාවිතා කරමින් එක් එක් ස්ථානවලට යාමට ගතවන කාලසීමාව පිලිබඳව දත්ත ලබාගැනීමට හැකිවිය.
තජුඩීන්ගේ   K-Q 6543 මෝටර් රථය පළමුව ඇන්ඩර්සන් පෙදෙසේ නිවසේ සිට අංක 36, ගල්හේන පාර, ගංගොඩවිල, නුගේගොඩ පිහිටි චාමින්ද ජෙයප්‍රකාශ්ගේ නිවසට යන කාලසීමාව සාමාන්‍යයෙන් මාර්ග තදබද නොමැති අවස්ථාවක විනාඩි 19 කි. කෙටිම මාර්ගයකින් ඇන්ඩර්සන් මහල් නිවෙස්වල සිට අංක 36, ගල්හේන පාර, ගංගොඩවිල, නුගේගොඩ දරන ස්ථානයට ඇති දුර කිලෝමීටර් 6.6 කි.
 මෙම දුරට අදාල GOOGLE MAP එක පහතින්
thajudeen 1
දෙවනුව තජුඩීන්  අංක 36, ගල්හේන පාර, ගංගොඩවිල, නුගේගොඩ පිහිටි චාමින්ද ජෙයප්‍රකාශ් ගේ නිවසේ සිට අංක 15, නිහාල් සිල්වා මාවත, කිරුළපන පිහිටි මොහොමඩ් සාකීර් බදුර්දීන්ගේ නිවසට යනබව සාක්ෂිවල සටහන්වේ. ගගංගොඩවිල නුගේගොඩ සිට නිහාල් සිල්වා මාවත කිරුළපන වෙත යාමට ගතවන කාලසීමාව විනාඩි 15 කි. තවද ගංගොඩවිල සිට කිරුළපන දක්වා වූ ට්‍රැෆික් ලයිට් ප්‍රමාණය කෙතරම් දැයි මාර්ගය භාවිතා කරන ඕනෑම කෙනෙකු දන්නා කරුණකි. ගංගොඩවිල නුගේගොඩ සිට අංක 15, නිහාල් සිල්වා මාවත, කිරුළපන දරන ස්ථානයට දුර විනාඩි 5 කි.
මෙම දුරට අදාල GOOGLE MAP එක පහතින්
thajudeen 2
අංක 15, නිහාල් සිල්වා මාවත, කිරුළපන පිහිටි මොහොමඩ් සාකීර් බදුර්දීන්ගේ නිවසේ සිට තාජුඩීන් පදිංචිව සිටි කොළඹ 06, මුරුගන් පෙදෙස නිවසට ඇති දුර කිලෝමීටර් 1.6 න දුර ප්‍රමාණය යාමට ගතවන කාලය සාමානයෙන් විනාඩි 5-6 ත් අතර කාලයකි. මෙම ස්ථානයට යාමට සිදුවන්නේ හයිලෙවෙල් පාර හරහාය.
 මෙම දුරට අදාල GOOGLE MAP එක පහතින්
thajudeen 3
මෙම ස්ථාන 3 වෙත ලඟාවීමට ගතවන කාලය ගණනය කර බැලූවිට එය 19+15+5 = විනාඩි 39 ක කාලයක් බව පැහැදිලිය.
මෙහිදී වැදගත් කරුණක් වන්නේ තජුඩීන් කොළඹ 06, මුරුගන් පෙදෙසේ ඇති තම නිවස පසුකරමින් කිලෝමීටර් 1.5 ක් ඈතින් අනතුර සිදු වූ ස්ථානය වූ පාර්ක් පාර වෙත ගමන් කළේ කුමන හේතුවකට ද යන්නයි. මුරුගන් පෙදෙස පසුකරමින් එම ස්ථානයට යාමටද අවම වශයෙන් විනාඩි 5 ක් වත් ගතවේ. ඒ අනුව බැලූකල ඉහත ගතවූ මුළු කාලසීමාව  39+5  =  විනාඩි 43 කි. මෙයට මිතුරන් තජුඩීන්ගේ වාහනයෙන් බැසීමට ගතවන කාලය සහ වාහනය අදාල ස්ථානවලින් හැරවීමට ගතවූ කාලය අවම විනාඩි 2 ක් එකතු කළත් ගතවී ඇති මුළු කාලය 43+2 = විනාඩි 45 කි.
 මෙම දුරට අදාල GOOGLE MAP එක පහතින්
thajudeen 12
විශේෂයෙන්ම තම නිවසට නොගොස් නිවසට හරවන මාර්ගය පසුකර කිලෝමීටර් 1.5 ක් ඈතින් පිහිටි පාර්ක් පාර වෙත ගමන් කළේ කුමන හේතුවකටද යන්න මෙම මරණය පිළිබඳව පරීක්ෂණ සිදුකරන කණ්ඩායම් හෙලිකල යුතුය.
අපට ලැබෙන නවතම තොරතුරු අනුව එදින රාත්‍රියේදී රාජපක්ෂවරුන්ට වාහන සපයන රෂිඩ් හමීඩ් යන අයට අයත් නිවසක රාජපක්ෂවරුන්ගේ නිලනොවන ආරක්ෂක කණ්ඩායමේ නායක වශයෙන් කටයුතු කරන සොත්ති උපාලිගේ පුතා වන සුරේක යන අය තම කණ්ඩායම සමග කාලය ගතකර ඇත. ඉහත ස්ථානයේ රාත්‍රී 11.00 – 11.30 අතර වන කාලසීමාව වනතෙක් මත්පැන් පානය කරමින් සිටි බවත් මෙම ස්ථානයේ ලිපිනය 118, ඉසිපතන මාවත, කොළඹ 05 බවත් දැනගැනීමට ලැබී ඇත. මෙම ලිපිනයේ පිහිටි නිවස මහල් තුනකින් සමන්විත වන අතර තුන්වන මහල හැර අනකුත් මහල් රාජපක්ෂවරුන්ගේ නොයකුත් කාරණා සහ උවමනා එපාකම් සඳහා භාවිතා කරන බවත් වාර්තාවේ.
thajudeen 4
මෙම කණ්ඩායමේ සිටි තවත් මැරයෙකු වන, පසුගිය මහ මැතිවරණ සමයේ හම්බන්තොටදී ඝාතනයට ලක් වූ උක්කුවා නමැති අය ඔහුගේ මිතුරන්ට, කිරුලපන කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට පසු පස හඹාවිත් පාර්ක් පාරේදී තජුඩීන් ඝාතනය කළබවට පැවසු බව තවත් විශේෂ ආරංචි මාර්ගයකින්  දැනගැනීමට ලැබී ඇත.
wasim thajudeen
තවද සොත්ති උපාලිගේ පුතා වන සුරේක ඇතුළු පිරිස භාවිතා කර ඇත්තේ අංක WP KA-0642 දරන ඩිෆෙන්ඩර් රථය බවත් වාර්තාවේ. මෙම ඩිෆෙන්ඩර් රථයට අමතරව 2014 සැප්තැම්බර් මාසයේදී කඩුවෙල කුඩු ලාල්  ඝාතනය කිරීමට රාජපක්ෂ මැර කණ්ඩායම් විසින් භාවිතා කරනු ලැබූ අධිබල යකඩ ආවරණ සහිත විශේෂ ඩිෆෙන්ඩර් රථ දෙකක්ද තිබූ බව විට දැනගැනීමට ලැබී ඇත.
කුඩු ලාල්ගේ වාහනය සහ තාජුඩීන් ගේ වාහනය දෙපැත්තෙන්ම හප්පා තිබෙන ආකාරය සහ ඇති සමානකම් බලා ගැනීම සදහා පහත ලින්ක් එක වෙත යන්න. (වාහනයක් අනතුරකට භාජනය වීමේදී වාහනයේ දෙපැත්තටම හානි සිදුවන්නේ කෙසේද යන්න විචාරකයිනගේ මතයයි)
HTTPS://WWW.YOUTUBE.COM/WATCH?V=OTXYZG9DTSU
ඉහත සදහන් කළ පිරිසට යම්කිසි ඔත්තුකරුවන් පිරිසක් විසින් තොරතුරු ලබාදුන් බවත් එම තොරතුරු අනුව එම පිරිස එම ස්ථානයෙන් පිටව ගිය බවත් අප වෙත තොරතුරු ලැබී ඇත. එම කාරණය පසුගියදා මියගිය උක්කුවාගේ ප්‍රකාශයෙන්ද ස්ථිර වන කරුණකි.
118, ඉසිපතන මාවත, කොළඹ 05 දරන ස්ථානය හිමි රිෂාඩ් හමීඩ් හා ඔහුගේ බිරිඳ ජිහාන් හමීඩ් යන අය දීර්ඝ කාලයක් මුළුල්ලේ රාජපක්ෂවරුන්ගෙන් දොළ පිදේනි ලබන පවුලක් සහ අදටත් ඉතාමත් ලඟින් ඇසුරු කරන පවුලක් බවට තොරතුරු ලැබී ඇත. රිෂාඩ් හමීඩ් යනු BMW වාහන මෙරටට ගෙන්වන පුද්ගලයෙකු වන අතර මේවන විට මොහු විසින් යෝෂිත රාජපක්ෂට කලු සහ ස්ලිවර් පාට  BMW-7 කාණ්ඩයේ රථ දෙකක් ලබාදී ඇති බව දැනගැනීමට ලැබී ඇත. තවද ශිරන්ති රාජපක්ෂට සිල්වර් පාට BMW රථයක්ද රෝහිත රාජපක්ෂට නිල් පැහැති රථයකුත් ලබාදී ඇති බවත් වාර්තාවේ. මෙම ලියුම්කරු මෙම ලිපිය ලියන විටත් ඉහත රාජපක්ෂවරුන් භාවිතා කරනුයේ රිෂාඩ් හමීඩ් ලබාදුන් BMW රථ බව අප අවධාරණයෙන් කියා සිටින්නෙමු.
(අවශ්‍ය නම් යහපාලන ආරක්ෂක අංශවලට කොළඹ CCTV සහ RMV සහය ලබාගත හැක)
රිෂාඩ් හම්ඩ් ගේ වියාපාර වන්නේ – BAVARIAN MOTORS LTD 1993/8/1V34  – EXOTIC CARS LTD 1974/31V02
thajudeen 6
පසුගිය මහමැතිවරණයේදී යෝෂිත රාජපක්ෂ විසින් අංක 118, ඉසිපතන මාවත, කොළඹ 05 ස්ථානය සම්බන්ධයෙන් ඇති සැකය මැකීම සඳහා එම ස්ථානයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් පවත්වාගෙන ගියේය.
රිෂාඩ් හමීඩ්ගේ බිරිඳ ජිහාන් හමීඩ් කලක් නාමල් රාජපක්ෂ සමග ඉතාමත්ම ලඟින් ඇසුරු කල කාන්තාවකි. එහි අනුහසින් ඇයට 2011 දී කොළඹ මහ නගර සභා ඡන්දයට අංක 58 යටතේ ඉදිරිපත් වීමටද අවස්ථාව ලැබිණි. කෙසේ වුවද යහපාලනයත් සමග තම පවුලට ඉදිරියේ ඇතිවිය හැකි අවදානම් තත්වයන්ගෙන් බේරීම සඳහා ජිහාන් හමීඩ් හරේන් ප්‍රනාන්දු සහ සුජීව සේනසිංහ සමග ඉතා ලඟින් ඇසුරු කරන බව දැනගැනීමට ලැබේ.
thajudeen 7
මෙම සිදුවීමට සම්බන්ධ සොත්ති උපාලිගේ පුතා වන සුරේක යන අය මේ වන විට මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ආරක්ෂක නිලධාරින්ගේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන බවත් දැනගැනීමට ලැබී ඇත. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මක වන බවත් කියවේ. රජයේ නිලධාරී නෙවිල් සමග මෙම පුද්ගලික මැර ආරක්ෂක කණ්ඩායම ක්‍රියාත්මක ‍වේ.
පසුගිය මහ මැතිවරණ සමයේදී කුරුණෑගල ප්‍රචාරක රැලියකදී තුවක්කුවක් ලග ළග තබාගෙන සිටි කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල්වරයෙකු අල්ලා ගනු ලැබුවේද ඉහත සදහන් සුරේක සහ කණ්ඩායම විසින් බවද වාර්තා වේ.
වසීම් තජුඩීන්ගේ මරණය පිළිබඳව හොඳම සාක්ෂිය ලබා ගත හැක්කේ මෙම මරණය සිදුවූ ස්ථානයේ, පලමු ස්ථානීය පරීක්ෂණය සිදුකළ, එවකට කිරුළපන පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගෙනි. මෙම නිලධාරියා ලංකාවේ සිටිනවාද ? සාක්ෂි සටහන් කරනු ලැබූ ඩේමියන් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා ලංකාවේ සිටිනවාද ? පරීක්ෂණ ප්‍රමාද වුයේ කුමන හේතුවකටද ? සාක්ෂිවල තිබු පරස්පරයන් සම්බන්ධයෙන් කටයුතු නොකළේ කාගේ බලපෑම නිසාද ?
ඉහත කරුණු සලකා බැලීමේදී මෙම නිලධාරීන් නඩුවිභාගයේෙ මූලික සාක්ෂිකරුවන් කළ යුතු සමය පැමිණ ඇත. පැහැදිලිවම සාක්ෂිවල පරස්පරයක් ඇතිබව ඒ පිලිබඳව සොයා බැලීමේදී පෙනි යන කරුණකි.
මෙම ඝාතනය පිලිබඳව පරීක්ෂණ පවත්වන නිලධාරීන්හට ඉහත පුද්ගලයන්ගෙන් සහ රාජපක්ෂවරුන් සමග සිටින පුද්ගලික ආරක්ෂක නිලධාරීන්ගෙන් තොරතුරු ලබාගත හැක. තවදුරටත් මෙම මරණය දේශපාලකයන්ට විකුණාගෙන කෑමට නොදී යුක්තිය පසිඳලීම නීතිය අගයන සියලුම දෙනාගේ වගකීමක් බව අපගේ හැඟීමයි.
සටහන
හිටපු ලංකා ලීක්ස් කතෘ සහ සම හිමිකරු
thajudeen 8
thajudeen 9
thajudeen 10
thajudeen 11

No comments:

Post a Comment